Sinhala




1998 සිට අපි ජපානයේ වෙසෙන ඔබ වෙනුවෙන් අප සේවාව පවත්වාගෙන එන්නෙමු.

අප සේවාව පටන් ගැනීමට හේතුව
.............................................. 
රැකියාව සඳහාත්, අධ්‍යාපන කටයුතු සඳහාත්, සංචාරක කටයුතු සඳහාත්, ජපානයට පැමිණෙන දිගුකාලීන හෝ කෙටිකාලීන අමුත්තන්ට තමා මිලදී ගන්නා හෝ තෑගි ලැබෙන්නා හෝ තමන් පාවිච්චි කල බඩු බාහිරාදිය, මව්බිමට යැවීමට පහසු, වියදමින් අඩු ක්‍රමයක් නොමැති වීමෙන්, බොහෝ අය පසුතැවෙන බව අප අධ්‍යයනය කළෙමු. එමනිසා 1998 දී ලොව පුරා ශ්‍රී ලාංකිකයන්ගේ සිත් දිනාගත් ට්‍රයිකෝ ජ්‍යාතන්තර සමාගම ජපානයේ ආරම්භ කළෙමු.



ට්‍රයිකෝ පුද්ගලික භාණ්ඩ සේවාව

..............................................

ඔබගේ බඩු බාහිරාදිය අප විසින් සපයන ලී පෙට්ටියක හෝ ඔබ විසින් සපයාගන්නා කාඩ්බෝඩ් පෙට්ටියක/ඇසුරුමක භාණ්ඩ අසුරා අප වෙත දැනුම් දෙන්න. අපි ඔබේ නවාතැන වෙත පැමිණ අවශ්‍ය ලියකිවිලි සකසා භාණ්ඩ රැගෙනගොස් ලංකාවට නැව්ගත කිරීමට කටයුතු කරන්නෙමු. එම භාණ්ඩ දැනට අප සේවාවන් පවත්වාගෙන යන කොළඹ, කුරුණෑගල, ගාල්ල යන රේගු බන්ධිත ගබඩාවන්ගෙන් ඔබ නම් කරන ලද ඕනෑම පුද්ගලයෙකුට හෝ ඔබටම ලබා ගත හැකි වේ. ඔබගේ භාණ්ඩ ලංකාවේදී ගබඩාගත කල පසු බඩු ලබන්නා වෙත දැනුම් දීමක් කරන අතර ඔහු හෝ ඇය අප ගබඩාව වෙත තම අනන්‍යතාව තහවුරු කිරීමට හැකි ලියකිවිලි සමග පැමිණ රෙගු නිලදාරීන්ගේ අදීක්ෂණයෙන් පසු තම භාණ්ඩ නිදහස් කර ගත යුතු වේ.මෙහිදී භාෂාමය හෝ දන්නා නොදන්නා බව පිළිබඳව ප්‍රශ්නයක් පැන නොගනු ඇත. අප ආයතනයේ නිලදාරීන් නිරතුරුව ඔබගේ සහයට ඉදිරිපත් වනු ඇත.




අපගේ නවතම සේවාව වන ට්‍රයිකෝ Door to Door 
.......................................................................
මෙහිදී කිලෝ 35ට අඩු විද්‍යුත් උපකරණ නොවන භාණ්ඩ පමණක්, අඟල් 18 x 18 x 28 නොවැඩි හෝ ඝන අඩි 4ට නොවැඩි අසුරමක ඔබ විසින් ඇසිරිය යුතු වේ. ඔබ නිවසට පැමිණ (ජපානයේ) භාණ්ඩ ලබාගෙන අපි ඒවා ලංකාවේ ඔබ නම් කරන ඕනෑම නගරයක ඕනෑම කෙනෙකු හට ලබා ගැනීමට කටයුතු කරනෙමු. මෙහිදී එම භාණ්ඩ නම් කල තැනැත්තාගේ නිවසටම භාණ්ඩ භාරදෙනු ලැබේ. ලංකාවේදී කිසිම අයකිරීමක් සිදු නොකරනු ලැබේ.

(භාණ්ඩ භාරදීමට ප්‍රථම යැවිය හැකි නොහැකි භාණ්ඩ පිළිබඳව අප නියෝජිතයෙකුගෙන් දැන ගැනීමට සැලකිලිමත්වන්න.)



ඔබගේ භාණ්ඩ අප ආයතනයෙන් නොමිලේ සපයන ලී පෙට්ටි වල හෝ ඔබ විසින් සපයන ඕනෑම 
පෙට්ටියක/ඇසුරුමක යැවීමට හැකියාව ඇත. ඒවායේ මිල ගණන් පහත දැක්වේ.


Box Type
Sizes (cm)
Price
0.62 CBM Box
113 x 91 x 60
¥ 27,500
1 CBM (Cubic Meter) Box
113 x 91 x 98**
¥ 38,500
1.5 CBM
182 x 91 x 91**
¥ 55,000
1 CBF (Cubic feet)
Minimum 5 CBF
¥   1,750
Trico Door to Door
Max. 4 CBF
¥ 25,000

Box Type
Sizes (cm)
2 CBM Box
200 x 100 x 100**
2.25 CBM
226 x 100 x 100**
3 CBM
226 x 110 x 123**

**මීටර් 1ට වඩා වැඩි භාණ්ඩ සඳහා වැඩි බර / වැඩි ප්‍රමාණය සඳහා අමතර ලිපිගස්තු එකතු විය හැක. 

දියුණුම රටවල දියුණුම නගරවල සිට දියුණුවන ලංකාවේ කුඩා නගර දක්වා පවා අපගේ සේවය ඔබ වෙත විහිදුවා ඇත. පහතින් දැක්වෙන්නේ අපගේ රේගු බන්දිත ගබඩා සහ විස්තර

ට්‍රයිකෝ ජපන් කොළඹ ශාඛාව  කොළඹ ගබඩාව ගාල්ල ගබඩාව කුරුණෑගල ගබඩාව
226, ශ්‍රී ජයවර්ධනපුර මාවත , 50, K සිරිල් C පෙරේරා මාවත, 331,මාතර පාර, කටුගොඩ, හම්බර පාර, සඳගල, උහුමීය.
රාජගිරිය කොළඹ 13. ගාල්ල කුරුණෑගල
Tel : (+94) 11 2 869986 Tel : (+94) 11 2345580-1 Tel : (+94) 91 2234842-4 Tel : (+94) 37 2238924-5
Email : cmb@tricoinjapan.com

විශ්වාසනීයත්වය පහසුව, විනීත සේවය සඳහා ලොවපුරා ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව අනෙකුත් 
ජාතීන් අතර පවා නම් දරා සිටින අප සමඟ වරක් කටයුතු කරන්න ඔබට අරාධනා කරමු.